Monday, April 21, 2025
Home » ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක්

ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක්

by chanaka
January 30, 2024 3:26 pm 0 comment

රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක් ලබාදී තිබේ.

ඉස්ලාමාබාද් අගනුවර විශේෂ අධිකරණයක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2022 වසරේ දී දූෂණ චෝදනාවකට වැරදිකරු වූ ඔහු මේ වනවිට බන්ධනාගාරගතව පසුවේ.

එමෙන්ම, එම චෝදනාවටම වරදකරු වූ ඉම්රාන් ඛාන් යටතේ හිටපු විදේශ අමාත්‍ය ෂා මෙහ්මුද් කුරේෂිට ද එම දඬුවම නියම කර තිබේ.

70 හැවිරිදි පාකිස්තාන හිටපු අගමැතිවරයා නෙරපාහැරියේ 2022 වසරේ අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තු විශ්වාසභංගයකිනි. 2022 වසරේ දී බලයෙන් නෙරපා හරින ලද ඉම්රාන් ඛාන්, ඔහුට එරෙහි සියලු චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර ඒවා දේශපාලනිකව ඔහුව නිහඬ කිරීමට උත්සාහයන් බව කියා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT