Monday, April 21, 2025
Home » අනුප්‍රාප්තික වේත්‍රධාරී වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ අසිපත භාර දෙයි

අනුප්‍රාප්තික වේත්‍රධාරී වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ අසිපත භාර දෙයි

by yasara
January 30, 2024 1:28 pm 0 comment

විශ්‍රාම යාමට නියමිත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් අනුප්‍රාප්තික වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ වේත්‍රධාරී අසිපත භාරදීම අද (30) පෙරවරුවේපාර්ලිමේන්තුවේ සභාගැබට පිවිසෙන රිදී ද්වාරය අසලදී සිදු විය.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වසර 42කට අධික කාලයක් පාර්ලිමේන්තුවේ සේවය කොට අද (30) දින විශ්‍රාම ගැනීමට නියමිත බැවින් සාම්ප්‍රදායානුකූලව අනුප්‍රාප්තික වේත්‍රධාරී වෙත මෙසේ සෙංකෝලය සහ සිය අසිපත භාරදීම සිදු විය.

පාර්ලිමේන්තුවේ 6 වැනි වේත්‍රධාරී වන නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා 2018 වසරේ සිට වේත්‍රධාරී ධුරයේ රාජකාරි ඉටු කළේය.

මේ අනුව හෙට (31) දින පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරී ලෙස කුෂාන් සම්පත් ජයරත්න මහතා වැඩ භාර ගැනීමට නියමිතය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණදීර, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT