Home » සජබේ රැලියකට අධිකරණයෙන් තහනම් නියෝගයක්

සජබේ රැලියකට අධිකරණයෙන් තහනම් නියෝගයක්

by yasara
January 30, 2024 11:48 am 0 comment

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසකට මාලිගාවත්ත පොලිස් බල ප්‍රදේශයේ වීදි කිහිපයක වාහන ගමනාගමනයට බාධා කිරීම තහනම් කරමින් කොළඹ අංක 04 මහේස්ත්‍රාත් අද(30) අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙයි.

ඒ අනුව මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියෙන් ප්‍රදීපා මාවත, සද්ධර්ම මාවත, ජයන්ත විරසේකර මාවත, මිල්ටන් පෙරේරා මාවත සහ ජුම්මා හන්දිය හරහා සංඝරාජ මාවතේ කටයුතු අවහිර කිරීම අධිකරණ නියෝගයෙන් තහනම් කර ඇත.

සමගි ජන බලවේගය  (30) කොළඹදී සූදානම් කර ඇති විරෝධතාවයක්  හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර තිබෙයි

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT