Home » දුම්රිය සහ බස් නැවතුම් පොලවල ‘ලාදුරු‘ ගැන දැනුවත් කරයි

දුම්රිය සහ බස් නැවතුම් පොලවල ‘ලාදුරු‘ ගැන දැනුවත් කරයි

by chanaka
January 30, 2024 11:34 am 0 comment

බස්නාහිර පළාතේ දුම්රිය සහ බස් නැවතුම් පොලවල මගී ජනතාව අතරට ලාදුරු රෝගය සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන අත්පත්‍රිකා 40,000ක් බෙදා දීමේ වැඩසටහනක් හෙට(31) උදේ 7- 9 අතර සිදු කිරීමට සැලසුම් කර ඇත.

ලෝක ලාදුරු දිනය පසුගිය 28වැනිදාට යෙදී තිබුණු අතර එම දිනය ද තේමා කර ගනිමින් මෙම වැඩපිළිවෙල දියත් කෙරේ.

මෙම වැඩපිළිවෙල සදහා කොළඹ, ගම්පහ,කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරුන්, කොළඹ මහා නගර සභාව සහ Hemas phaarmaceuticals ආයතන ලාදුරු මර්දන ව්‍යාපාරය සමග එක්ව කටයුතු කරයි.

2024 ලෝක ලාදුරු දිනයේ තේමාව වන්නේ “ලාදුරු රෝගය පරාජය කරන්න” යන්නයි.

ජනවාරි සිට මේ දක්වා කාලයේදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ලාදුරු රෝගීන් 1256කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇතැයි ලාදුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පසුගියදා පැවසීය.

මෙම රෝගීන්ගෙන් වැඩිම පිරිස කොළඹින් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 256ක් වේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 138ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 130ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 92ක් වශයෙන් දිස්ත්‍රික් කිහිපයකින් රෝගීන් හඳුනාගෙන තිබේ.

මෙසේ හඳුනාගත් රෝගීන් අතර අවුරුදු 14ට අඩු ළමා ලාදුරු රෝගීන් 131 දෙනෙකු සිටින බවද වෛද්‍ය රණවීර මහතා කීවේය. ඒ අතරින් වැඩි දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 39කි. ගම්පහ, මඩකලපුව සහ කළුතර ඇතුළු දිස්ත්‍රික්කවලින් ද ළමා ලාදුරු රෝගීන් වැඩි වශයෙන් හඳුනාගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT