253
පසුගිය දා අවංලගු කළ උසස් පෙළ කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්‍රය වෙනුවට පැවැත්වෙන නව විභාගය පෙබරවාරි මස පළමුවනදා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
මේ අනුව කෘෂිවිද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස එදින පෙරවරු 08.30 සිට 11.40 දක්වාත් පළමු කොටස එදින පස්වරු 01 සිට 3 දක්වාත් පැවැත්වෙයි.
එම විෂය සඳහා පෙනී සිටීමට අදාළ ප්‍රවේශ පත්‍රය www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාග අපේක්ෂකයින් සඳහා මේ වන විටත් ප්‍රවේශ පත්‍රය නිකුත් කර ඇති අතර එය ලැබී නොමැතිනම් පමණක් වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රවේශ පත්‍රය ලබාගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි