Home » WWE 2024 අවසානයේ වසා දමයි

WWE 2024 අවසානයේ වසා දමයි

by chanaka
January 29, 2024 11:50 am 0 comment

ලෝක ප්‍රකට WWE Network (World Wrestling Entertainment) සමාගම 2024 අවසානයේ වසා දමන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Wrestling Observe Radio නවතම සංස්කරණය ඔස්සේ මේ පිළිබඳව වාර්තා කර තිබේ.ඒ අනුව 2024 අවසන් වන විට එය Netflix සමඟ ඒකාබද්ධ වීම නිසා මෙලෙස WWE Network වසා දැමීමට සිදුවන බව එහි වාර්තා කර තිබේ.

මල්ලව පොර ක්‍රීඩාව උදෙසා ස්ථාපනය කළ අමෙරිකානු සමාගමක් වන එය අමෙරිකාවේ ස්ටැම්ෆෝර්ඩ් හී 1980 පෙබරවාරි 21වැනිදා ස්ථාපනය කළ සමාගමකි.වින්ස් මැක්මෑන්ඩ් සහ ලින්ඩා මැක්මෑන්ඩ් එහි ආරම්භයෝ වෙති.

වෘත්තීමය රෙස්ලින් ක්‍රීඩාව,චිත්‍රපට මෙන්ම සංගීත ඩිජිටල් සහ ස්ට්‍රීම්න් රූපවාහිනී සේවාවක් සහ නිෂ්පාදන රැසක් ඒ ඔස්සේ සිදුවේ.

ලොව රටවල් ගණනාවක මෙම නාලිකාව අතිශය ජනප්‍රියව පවතී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT