Saturday, April 19, 2025
Home » ග්‍රාමීය ආපදා කමිටු සකස් කිරීමේ වැඩපිළිවෙලක්

ග්‍රාමීය ආපදා කමිටු සකස් කිරීමේ වැඩපිළිවෙලක්

by chanaka
January 29, 2024 3:50 pm 0 comment

තෝරාගත් අධි අවදානම් ග්‍රාම නිළධාරී වසම් තුළ වසමේ ආපදා අවදානම් තක්සේරු කිරීමේ, ආපදා කළමනාකරණ සැලසුම් සකස් කිරීම හා ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටු ස්ථානගත කිරිමේ වැඩපිළිවෙලක් දියත් කෙරේ.

ඒ අනුව බදුල්ල ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් Save the Children රාජ්‍ය නොවන සංවිධානයේ අනුග්‍රහය යටතේ එක්සත් ජනපද නියෝජිතායතනයේ මානුෂීය ආධාර සඳහා කාර්යාංශය (USAID-BHA) සහාය ඇතිව බදුල්ල ආපදා අධි අවදානම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 ක ග්‍රාම නිලධාරි වසම් 40 ක් තෝරාගෙන ආපදා පෙර සූදානම, නිවැරදි ප්‍රතිචාර දැක්වීම සහ ප්‍රතිසාදනය පිළිබඳ ප්‍රජාව ශක්තිමත් කිරීමේ දෑ අවුරුදු ව්‍යාපෘතියක් බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ය.

මෙම වැඩසටහන යටතේ හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගොඩේගම බී ග්‍රාම නිළධාරී වසම තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පසුගිය 23වැනිදා ආරම්භ විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT