Sunday, April 20, 2025
Home » විශ්ව බුද්ධ තවදුරටත් රිමාන්ඩ් කෙරේ

විශ්ව බුද්ධ තවදුරටත් රිමාන්ඩ් කෙරේ

by yasara
January 29, 2024 12:28 pm 0 comment

බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රොෂාන් රණසිංහ නොහොත් විශ්ව බුද්ධ නැමැත්තා සම්බන්ධයෙන් වන නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (29) යළි කැඳවනු ලැබිණි.

සැකකරුගේ උපසම්පදාව මේ වන විට අහෝසිකර ඇති බැවින් ඔහු තවදුරටත් හිමිනමක් ලෙස නොසලකන ලෙස එහිදි ශ්‍රී ලංකා රාමඤඤා නිකාය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළව පෙබරවාරි 02 දක්වා ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT