Home » පිටාර ගිය මාවුස්සාකැලේ සහ කාසල්රි දැන් තත්ත්වය

පිටාර ගිය මාවුස්සාකැලේ සහ කාසල්රි දැන් තත්ත්වය

by yasara
January 29, 2024 11:28 am 0 comment

මධ්‍යම කඳුකරයට පවතින වියලි කාලගුණයත් සමඟ මාවුස්සාකැලේ හා කාස්ල්රී ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැසලා මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට දින 10 ක පමණ කාලයක් තිස්සේ පවතින දැඩි වියලි කාලගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ සිට සීඝ්‍රයෙන් පහත බැස ඇත.

මාවුස්සාකැලේ හා කාලස්රී යන ජලාශ වල ජල මට්ටම  අද (29) පෙරවරු 08.00  වන විට පිටාර මට්මේ සිට පිළිවෙලින් අඩි 11 ක් හා අඩි 05 ක් වශයෙන් පහත බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.

ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්  ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර, පොල්පිටිය හා බ්‍රෝඩ්ලණ්ඩ් යන විදුලිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙනෙකි.

 

 

 

 

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT