Monday, April 21, 2025
Home » යුක්තිය මෙහෙයුමෙන් 836ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුමෙන් 836ක් අත්අඩංගුවට

by chanaka
January 29, 2024 11:59 am 0 comment

යුක්තිය මෙහෙයුම යටතේ ගතවූ පැය 24 තුළ විවිධ අපරාධවලට සම්බන්ධ වූවන් 836 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ විවිධ අපරාධ මර්දනය කිරීමේ අරමුණෙන් යුක්තිය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

ඒ යටතේ ඊයේ සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වූවන් 579 දෙනෙකු අත්අඩංගුවට ගැණුනි. අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවල සිටි සැකකරුවන් 257 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.

එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 142ක් ඇතුළුව අයිස්, ගංජා, ඈෂ්, මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT