352
යුක්තිය මෙහෙයුම යටතේ ගතවූ පැය 24 තුළ විවිධ අපරාධවලට සම්බන්ධ වූවන් 836 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම සහ විවිධ අපරාධ මර්දනය කිරීමේ අරමුණෙන් යුක්තිය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.
ඒ යටතේ ඊයේ සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වූවන් 579 දෙනෙකු අත්අඩංගුවට ගැණුනි. අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවල සිටි සැකකරුවන් 257 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.
එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 142ක් ඇතුළුව අයිස්, ගංජා, ඈෂ්, මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ.