Saturday, April 19, 2025
Home » අත්අඩංගුවට ගත් සබරගමු සරසවි සිසුන්ට ඇප

අත්අඩංගුවට ගත් සබරගමු සරසවි සිසුන්ට ඇප

by yasara
January 29, 2024 3:41 pm 0 comment

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවියකට නවක වදය ලබා දීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් හයදෙනෙකු (06) ඇප මත මුදාහැර තිබෙයි.

මෙම සිසුන් පිරිස අද (29) දහවල් බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් නිදහස කර ඇත.

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමූහ ඡායාරූපයක් ගැනීමේදී සිදුවූ බහින් බස් වීමක් මුල්කරගෙන ඇති වූ යම් සිදුවීමක් ගැන සිසුවියක් විසින් 1997 දුරකථන අංකයට කළ පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.

ඒ අනුව එම විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා හා භාෂා අධ්‍යයන පිඨයේ 4වන වසරේ සිසුනු 06 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසයි.

අත්අඩංගුවටගත්  සිසුන් රුක්ගහවිල, මොරවක, උදුගොඩ, ඉමදූව, කිතලව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 23ත් 25ත් අතර වයස්වල පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT