Sunday, April 20, 2025
Home » සෙල්ල කතරගම- කතරගම මාර්ගයේදී සිදූ වූ මාරන්තික රිය අනතුර

සෙල්ල කතරගම- කතරගම මාර්ගයේදී සිදූ වූ මාරන්තික රිය අනතුර

by yasara
January 29, 2024 11:53 am 0 comment

සෙල්ලකතරගම- කතරගම මාර්ගයේදී ඊයේ (28) රාත්‍රී සිදුවූ රියඅනතුරකින් දෙදෙනෙකු මියගොස් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි කතරගම පොලීසිය පවසයි.

සෙල්ලකතරගම සිට කතරගම දක්වා ධාවනයවෙමින් තිබූ වෑන්රථයක් (පස්සරයාය හංදිය) අසලදී වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය අසල නතරකර තිබූ යතුරුපැදියක් යටකරගෙන ඉදිරියෙන් පැමිණි ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ට්‍රක්රථයක ගැටී මාර්ගයෙන් ඉවතටගොස් සියඹලා ගසක හැපී අනතුර සිදුව ඇත.

එම අවස්ථාවේදී වෑන්රථයේ තරුණයින් හයදෙනෙකු සිට ඇති අතර බරපතළ තුවාල ලැබූ ඔහු කතරගම දිසා රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව එක් අයෙකු එම රෝහලේදී මියගොස් තිබේ.

තවත් අයෙකු හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව මියගොස් ඇත

.අනෙක් තුවාලකරුවන් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාරලබමින් පසුවේ.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ කතරගම සහ සෙල්ලකතරගම පදිංචි ඩිෂාන් රණසිංහ සහ චානක ලක්ෂාන් නැමති 24 වන වියෙහි පසුවන තරුණයින් දෙදෙනෙකි.

කතරගම වන්දනාවේ පැමිණි පිරිසකට අයත් වෑන්රථයක් මෙම තරුණයින් පිරිස ඉල්ලාගෙන සෙල්ලකතරගම සිට කතරගම නගරයට යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

කතරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT