Home » හදිසියේ කාරයක් ගිණි ගනීයි

හදිසියේ කාරයක් ගිණි ගනීයි

by yasara
January 28, 2024 11:33 am 0 comment

පස්සර බඩල්කුඹුර මාර්ගයේ ගමන් කරමින් තිබු මෝටර් රථයක්  තෝලබෝගස්වත්ත ප්‍රදේශයේ 2 කණුවේදි  දි ඊයේ (27) දින අළුයම ගිණිගෙන විනාශයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

බදුල්ල ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකු කතරගම සිට නැවත බදුල්ල බලා එමින් සිටියදි අළුයම 4.30 පමණ එකවරම මෝටර් රථයෙන් දුමක්  සමගම ගින්නක් ඇතිවු බවත් ඒ අවස්ථාවේ දි එය නවතා එලියට පැනගත් බවද ඔවුන් පොලිසිය වෙත පවසා ඇත.

මෙම අනතුරින් කාර් රථය තුල තිබු ඔවුන් දෙදෙනා ගේ ජංගම දුරකථන දෙක ඇතුළු පෞද්ගලික බඩු භාහිරාදිය සියල්ලම ගින්නට හසුව විනාශයට පත්වු බවද පවසා ඇති අතර මෙම ගින්නට හේතුව මෝටර් රථයේ ඇතිවු කාර්මික දෝෂයක් විය හැකි බවට පොලිසිය සැක පළ කරයි.

මේ පිළිබඳව පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පියරත්න ඒකනායක මහතාගේ මෙහෙයවිමෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරන බවද පොලිසිය සදහන් කලේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT