781
තංගල්ල සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගන්නා රාත්‍රි අර්ධ සුඛෝපභෝගී බසය සහ ත්‍රිරෝද රථයක් වාද්දුව මොල්ලිගොඩ ගාලුපාරේ දී ඊයේ (27) රාත්‍රි මුහුණට මුහුණ ගැටී ත්‍රීරෝද රථයේ ගමන්ගත් දෙදෙනාම බරපතළ තුවාල ලබා ඇතැයි වාද්දුව පොලිසිය පවසයි .
තුවාල කරුවන් 1990 සුව සැරියෙන් පානදුර මුලික රෝහලට රැගෙන ගොස් ඇති අතර , දෙදෙනාගේම තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට යොමුකර තිබේ.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ පනාපිටිය ප්‍රදේශයේ පදිංචි 35 සහ 15 වියැති දෙදෙනෙකු බව පොලිසිය සදහන් කරයි.
බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .