වැලිපැන්න ප්‍රදේශයේ නිවෙසක නීති විරෝධි ලෙස සඟවාගෙන තිබියදී මෙරට නිෂ්පාදිත “ෂොට්ගන්” වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු ඉකුත් 24 වැනිදා අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට පත්වූයේ වැලිපැන්න, දියඋල්පත පාරේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා හෝටලයක රියැදුරෙකු ලෙස රැකියාව කරන අතර, ගස් කැපීම හා දඩයමේ යාමද සිදු කරන බව පොලිසිය පවසයි.
පොලිසියට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂිත විරසිංහ මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, මෙම පුද්ගලයා යම් කිසි අපරාධයක් සඳහා මෙම ගිනි අවිය පාවිච්චි කර ඇද්දැයි හෝ අපරාධයක් සිදු කිරීම සඳහා මෙය තබාගෙන ඇත්දැයි යන්න පිළිබඳව සොයා ඉදිරි විමර් ශන සිදු කෙරෙන බව පොලිසිය පවසයි.
හල්තොට සමූහ – විනිතා මානෙල් ගමගේ