Monday, April 21, 2025
Home » නව සන්ධානය එළි දකී

නව සන්ධානය එළි දකී

by chanaka
January 27, 2024 5:43 pm 0 comment

“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගත් නව සන්ධානයේ මංගල ජන රැළිය ජා ඇල නගරයේදී ඇරඹෙයි.

අද(27) පස්වරු 3.00 ට ඇරඹි නව සන්ධාන මංගල ජන රැළියට මේ වන විට විශාල ජනකායක් සහභාගී වී තිබේ. ජනරැළි භූමීය අතුරු සිදුරු නැතිව ජනතාවගෙන් මේ වන විට පිරී ගොස් තිබේ.

නව සන්ධාන මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, නව සන්ධාන ගම්පහ දිස්ත්‍රික් නායක නලින් ප්‍රනාන්දු, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ,මීගමුව හිටපු නගරාධිපති දයාන් ලාන්සා, සුගීෂ්වර බණ්ඩාර, අසංක ශ්‍රීනාත් යන මහත්වරුන් ඇතුළුව පළාත් සභා, පළාත් පාලන නියෝජිතයින් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියි.

ගරුතර මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, වෘත්තිය සමිති නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, නීතිඥවරුන්, වෘත්තීයවේදීන් ඇතුළු ආධාරකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT