Monday, April 21, 2025
Home » පොලිස් සැරයන් අනුරාධ ජයකොඩිගේ අවසන් කටයුතු සිදුකෙරේ

පොලිස් සැරයන් අනුරාධ ජයකොඩිගේ අවසන් කටයුතු සිදුකෙරේ

by chanaka
January 27, 2024 5:35 pm 0 comment

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමඟ පසුගිය 25වැනිදා සිදු වූ රිය අනතුරින් මිය ගිය ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් කොස්තාපල් ජේ. ඒ්. අනුරාධ ජයකොඩි මහතාගේ අවසන් කටයුතු අද (27) පස්වරුවේ සිදුකෙරුණි.

ඒ මහනුවර මරවනාගොඩ පොදු සුසාන භූමියේදී ය.

මේ අතර පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතා පොලිස් සැරයන් නිලයට උසස් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන අංක 22/93 පරිදි පශ්චාත් උසස්වීම් පදනම යටතේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුව පොලිස් සැරයන් තනතුරට උසස් කර ඇත.

මෙම නිලධාරියාගේ පවුලේ සාමාජිකයින්ට රුපියල් ලක්ෂ 15 ක මුදලක් එම නිවසේදී ලබාදීමට ද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පියවර ගෙන තිබුණි.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT