Home » හදිසි සෝදිසි මෙහෙයුමට කොටු වූ හක් බෙල්ලන් ජාවාරම

හදිසි සෝදිසි මෙහෙයුමට කොටු වූ හක් බෙල්ලන් ජාවාරම

by yasara
January 27, 2024 9:33 am 0 comment

කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ පෙරේදා (25) දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් ගණනින් එක්දහස් අටසිය පනස් හයක (1856) පමණ තොගයක් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, 2024 ජනවාරි මස 25 වන දින වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික  විජය ආයතනයේ මැරීන් බලඝණ කණ්ඩායමක් විසින්, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරික්‍ෂාවට ලක් කර තිබේ.

එහිදී, එම ඩිංගි යාත්‍රාව තුළ තිබී අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන්  ගණනින් එක්දහස් අටසිය පනස් හයක (1856) පමණ තොගයක්, සැකකරුවන් තිදෙනෙකු (03) සමඟ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික  හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 12 ත් 48 ත් අතර වයසේ පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබේ, එම සැකකරුවන් තිදෙනා (03), හක් බෙල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතීමය කටයුතු සඳහා පුත්තලම, ධීවර හා ජලජ  සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT