Thursday, April 24, 2025
Home » ඇප මත සිටින ගුරුවරු උසාවි එති උසාවි නාව සැකකරුවකුට වරෙන්තු
නිරෝධායන නීති කැඩූ ගුරු උද්ඝෝෂණය:

ඇප මත සිටින ගුරුවරු උසාවි එති උසාවි නාව සැකකරුවකුට වරෙන්තු

by sachintha
January 27, 2024 12:49 am 0 comment

2021 වසරේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ගුරුවරුන් 40ක් ඇතුළු පිරිසක් සිදු කළ උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග කඩ කළ බවට කැඳවූ නඩුවක් සඳහා අධිකරණයේ පෙනී නොසිටි නදීප පෙරේරා යන අයට වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (26) නියෝග කළේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නිවාඩු ලබා ඇති බැවින් කොටුව අධිකරණයේ වැඩ ආවරණය කරමින් මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේය.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එම උද්ඝෝෂණය සඳහා සහභාගි වූ ඇප මත මුදා හැර ඇති ගුරුවරුන් 38 දෙනා ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින ගුරුවරුන් ඇතුළු පිරිස විවෘත අධිකරණයේ පෙනී සිටියහ.

මෙම උද්ඝෝෂණයට සහභාගි වූ ගුරුවරුන් 40ක් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට අධිකරණයට පැමිණෙන බවත් පැමිණිල්ලක් ගොනු නොකර පොලිසිය කටයුතු කරන බවත් කී නීතිඥ මඬුල්ල ඔවුන් මෙම නඩුවෙන් මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ඔක්තෝම්බර් මස 31 යළි කැඳවන ලෙස නියෝග කළේය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT