Wednesday, April 23, 2025
Home » නීති විරෝධී උද්ඝෝෂණයකට එක්වීම‍ හිරුණිකා ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ විත්තිකරුවකුට වරෙන්තු

නීති විරෝධී උද්ඝෝෂණයකට එක්වීම‍ හිරුණිකා ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ විත්තිකරුවකුට වරෙන්තු

by sachintha
January 27, 2024 12:49 am 0 comment

අධිකරණ නියෝග කඩ කරමින් නීති විරෝධී ලෙස උද්ඝෝෂණයකට එක්වූ බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් 12 දෙනාට එරෙහිව ගොනු කළ නඩුවේ අධිකරණයේ පෙනී නොසිටි රොසෙල් විජේරත්න යන අයට වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ 26 නියෝග කළේය.
කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නිවාඩු බැවින් කොටුව අධිකරණයේ වැඩ ආවරණය කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් 11 දෙනකු අධිකරණයේ පෙනී සිටි අතර නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන මැයි මස 31 යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පසුගිය වසරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනි තැබූ ජූලි 09 වනදාට දින දෙකකට පෙර සිදු කළ උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග කඩ කළ බවට හිරුණිකා නෙරංජලී ප්‍රේමචන්ද්‍ර, නිරූපමා කරුණානායක, සප්නා දීපසිකා, චමිලා නිලානි අබේකෝන්, රොසෙල් විජේරත්න, සඳරුවන් රොද්‍රිගු, යූ. ප්‍රකාශ්, ගිහාන් අල්මේදා, රවීන්ද්‍ර පනාවිල, විජේරත්න ජයවික්‍රම, රම්සික, කාවින්ද උදයංග, ඇතුළු පිරිසක් ඇප මත මුදා හැර ඇත.

සුභාෂිණි සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT