159
වසර දෙකක් තිස්සේ අත්හැරදමා තිබුණු මැදිරිගිරිය ‘ස්ටාර් කිඩ්ස්’ පෙර පාසල යළි ගොඩනැඟීමට හේරත් පදනම කටයුතු කර තිබේ. පාසල පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් අරමුදල් නැතිකම නිසා 2002 වසරේ සිට පාසල වසාදමා තිබිණි. හේරත් පදනම සිමෙන්ති කොට්ට 50ක් පරිත්‍යාග කිරීමෙන් පසු පාසලේ නවීකරණ කටයුතු ආරම්භ කෙරුණු අතර, ඉකුත් 24 වැනිදා පාසල විවෘත කෙරිණි. නැවත විවෘත වූ ළදරු පාසලට සිසුන් 90ක් එක්ව සිටියහ.