Home » සනත් නිශාන්තගෙන් හිස් වූ අසුන ගැන පාර්ලිමේන්තුව මැ.කො.ස.ට කියයි

සනත් නිශාන්තගෙන් හිස් වූ අසුන ගැන පාර්ලිමේන්තුව මැ.කො.ස.ට කියයි

by sachintha
January 27, 2024 12:26 am 0 comment

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

පුත්තලම මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ අභාවය හේතු කොටගෙන 2024 ජනවාරි 25 දින සිට 9 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ මහලේකම් වෙනුවට මේ දැනුම් දීම සිදු කරන බවද එම ලිපිය මඟින් නියෝජ්‍ය මහ ලේකම්වරයා දන්වා ඇත.

ස්වර්ණා විජේකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT