Home » අසත්‍ය සත්‍ය බවට පත් කරන්නේ සමාජ මාධ්‍යයයි – මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන

අසත්‍ය සත්‍ය බවට පත් කරන්නේ සමාජ මාධ්‍යයයි – මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන

by sachintha
January 27, 2024 1:00 am 0 comment

සමාජ මාධ්‍ය ඔස්සේ සත්‍ය ඉදිරිපත් කරන්නේ නම් එය අතිශය වැදගත් වන බවත් අසත්‍ය සත්‍ය බවට පත්කරමින් විශාල වශයෙන් සිදු කරන ප්‍රචාරයන් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පසුගියදා (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා මෙසේද පැවසීය.

සියයට අනූවක්ම අසත්‍ය ප්‍රකාශ කරන්නේ සමාජ මාධ්‍යයයි. මේ හේතුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 46කින් සම්මත වුණා. මෙම පනත ගෙන ආ පමණින් මාධ්‍ය මර්දනයක් සිදු වන්නේ නැහැ.

ඊයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා පාර්ලිමේන්තුවේ දී ප්‍රධාන මාධ්‍යවලින් ලැබෙන තොරතුරු ජනතාවට ඒ තරම් දුරට ලැබෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගෙන් සත්‍යය ප්‍රවෘත්ති හරියාකාරව ලබා දෙන්නේ නැහැ කියලා එතුමා කිව්වේ සමහර මාධ්‍යය ආයතනවල දේශපාලනය ගෑවිලා තිබෙනවා කියලා. සමාජ මාධ්‍ය අත්‍යවශ්‍යයි. සමාජ මාධ්‍යවලට වඩා අපේ අද පවතින ප්‍රධාන නාලිකා තුළින් මේ රටට සත්‍ය තොරතුරු ගේනවා. මේ සමාජ මාධ්‍යවලින් තමයි මෙය හරියාකාරව නොකරන්නේ. සමාජ මාධ්‍ය තුළින් සත්‍ය ඉදිරිපත් කරනවා නම් අපි කැමතියි. නමුත් අසත්‍ය සත්‍ය බවට පත්කරමින් විශාල වශයෙන් බොරු ප්‍රචාරය කරනවා. මම මුහුණ දුන්නා ඊයේ පෙරේදා ඔය ප්‍රශ්නයකට. තඹුත්තේගම කෝන්වැව ගම්මානයට මම ආරෝ ප්ලාන්ට් එකක් ස්ථානගත කරන ස්ථානයට බලන්න ගිය අවස්ථාවේ දෙපිරිසක් අතර ගැටුමක් ඇති වුණා.

මේ ගැටුම විසඳලා නැවතත් දැනුම් දෙන්න කියලා මමයි මහ ඇමැතිතුමයි යන්න ගියා. මේ පිරිස කලකෝලහල වුණා. අපි ගියාට පස්සේ ඔවුන් හූවක් නිර්මාණය කරලා ජ.වි.පෙ. පිරිස අලුතින් ප්‍රවෘත්තියක් හැදුවා. ඊට පස්සේ චන්ද්‍රසේනට හූවක් කිව්වා කියලා ප්‍රචාරය යැව්වා. අනුරාධපුරයේ මට හූ කියන්න කවුරුත් නැහැ. ලොකු අසාධාරණයක් ඔවුන් මට කළා. සියයට අනූවක්ම අසත්‍ය ප්‍රකාශ කරන්නේ සමාජ මාධ්‍යය. ඒ නිසා මේ පනත අනිවාර්යයෙන්ම ගෙන ආයුතු පනතක්. ඒ තුළින් මාධ්‍ය මර්දනය වෙන්නේ නැහැ. මාධ්‍ය අවශ්‍යයි. දේශපාලනඥයන්ටත්, ජනතාවටත් මාධ්‍ය අවශ්‍යයි. මේ ප්‍රශ්නය අද අධ්‍යාපනයට ද විශාල ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා. අද අධ්‍යාපනය, පාසල් ජීවිතය කඩාකප්පල් කිරීමේ මට්ටමට සමාජ මාධ්‍ය හරහා අධ්‍යාපනයට විශාල බලපෑමක් කරනවා. හුඟාක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද සමාජ මාධ්‍ය භාවිතය නිසා තමන්ගේ ජීවිත විනාශ කරගෙන තිබෙනවා. මේ විපක්ෂයේ පිරිසගෙන් ඉල්ලා සිටින්නේ අපිට මෙයට උදව් කරන්න.

මෙය රටක් ජාතියක් වශයෙන් කරන දෙයක්. මාධ්‍යයට ප්‍රහාර දීමක් නොවේ. මෙය සංස්කෘතියටත් විශාල බලපෑමක් තිබෙනවා. නිරුවත් පිංතූර ඒ තුළින් දානවා. මේ දේවල් පාසල් දරුවන් ද බලනවා. මෙය නැවැත්වීම හොඳ දෙයක් ලෙස මම කියන්නේ. ඒ වගේම අපේ ගෙවල් ගිනි තියන්න පැමිණියේ ද මේ සමාජ මාධ්‍යවලින්. මේ වගේ අමුතු අමුතු දේවල් කරන්න තමයි මේ මාර්ගගත ක්‍රමය භාවිතා කරන්නේ.

මෙහි විශාල අතරමැදි වෙළෙන්දෝ ටිකක් ඉන්නවා. පාරිභෝගික අධිකාරියෙන් සෘජු මැදිහත්වීමක් වෙලා මේ අතරමැදියන් ගොවියන් විනාශ කිරීමත්, පාරිභෝගිකයා ගසාකෑමත් නැවැත්විය යුතුයි. අපේ පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව, මධ්‍යම කාරක සභාව, දේශපාලන බල මණ්ඩලය තිබෙනවා. අපේ අන්තිම තීන්දුව ගන්නේ දේශපාලන බල මණ්ඩලයයි. දේශපාලන බල මණ්ඩලය මේ පිළිබඳව තාම රැස්වෙලා නැහැ තීන්දුවක් ගන්න. අපේ මැති ඇමැතිවරු, මන්ත්‍රීවරු තම තමන්ගේ හිතවාදී මත ඉදිරිපත් කරමින් සිටිනවා.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT