Home » අපවත් වී වදාළ වටද්දර ඥානිස්සර හිමියන්ගේ ශ්‍රී දේහයට සබරගමු පළාත් ආණ්ඩුකාර අවසන් ගෞරව දක්වයි

අපවත් වී වදාළ වටද්දර ඥානිස්සර හිමියන්ගේ ශ්‍රී දේහයට සබරගමු පළාත් ආණ්ඩුකාර අවසන් ගෞරව දක්වයි

by sachintha
January 27, 2024 12:41 am 0 comment

අපවත්වී වදාළ වටද්දර ඥානිස්සර නාහිමියන්ගේ ශ්‍රී දේහයට සබරගමු පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ නවින් දිසානායක මහතා ඇතුළු ඔහුගේ ලේකම්වරු අවසන් ගෞරවය දැක්වූ අයුරු.

අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ සබරගමු පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක බළන්ගොඩ බෝමිබුව ශ්‍රී බෝධිමණ්ඩලාරාමධිපති වටද්දර ඥානිස්සර නාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා සබරගමු පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ නවින් දිසානායක මහතා ඊයේ (26) පස්වරුවේ උන්වහන්සේගේ ශ්‍රී දේහය තැම්පත් කර ඇති බළන්ගොඩ බෝමිබුව ශ්‍රී බෝධිමණ්ඩලාරාම විහාරස්ථානයට පැමිණියේය.

උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා ආණ්ඩුකාරවරයා සමඟ ආණ්ඩුකාර ලේකමිවරුන් වන විජේරත්න දේවගෙදර, ලසන්ත විජේසිරි යන මහත්වරුන්ද එක්ව සිටියහ.

රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස, බළන්ගොඩ පොලිසියේ ස්ථාධිපති දමිත් ජයකොඩි යන මහත්වරුන් ද අවසන් ගෞරවය දැක්වීම සඳහා පැමිණයහ.

ආදාහන පූජෝත්සවය අද (27) සෙනසුරාදා සවස 2.00ට බළන්ගොඩ දී සිදු කෙරෙන බව අදාහන කමිටුව පැවැසූහ.

බළන්ගොඩ විශේෂ – සම්පත් ප්‍රියනන්දන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT