Home » රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ දේහය ආරච්චිකට්ටුව නිවෙසට ගෙන යයි

රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ දේහය ආරච්චිකට්ටුව නිවෙසට ගෙන යයි

by sachintha
January 27, 2024 12:30 am 0 comment

අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනපතිවරු ඇමැතිවරු එක්වෙති

පුත්තලම අතිරේක-හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ මාරවිල සමුහ- මිහිර විජේසේකර,

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ වූ හදිසි අනතුරකින් මරණයට පත් රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතාගේ දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවක සිට ආරච්චිකට්ටුව නිවෙස රැගෙන ඒම ඊයේ(26) සිදුවිය.

දේහය කොළඹ මල් ශාලාවක සිට පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ රිය පෙරහරකින් රැගෙන විත් අනතුරුව නැවත තෝප්පුව පාලම ආසන්නයේදී පුත්තලම දිස්ත්‍රික් ජනතාව විසින් භාරගෙන ආරච්චිකට්ටුව නිවෙසට රැගෙන විත් තාවකාලික කුඩාරමක තැන්පත් කෙරිණි. එලෙස රාජ්‍ය ඇමැතිවරයාගේ දේහය තාවකාලික කුඩාරමක තැන්පත් කිරීමට සිදුවුයේ පසුගිය අරගල සමයේ ඔහුගේ සුවිසල් නිවෙස කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කිරීම හේතුවෙනි.රාජ්‍ය ඇමැතිවරයා ගමන් ගනිමින් තිබු සුඛෝපභෝගි මෝටර් රථය කොළඹ කටුනායක අධි වේගි මාර්ගයේදී පසුගියදා(25) අලුයම අනතුරට ලක් වී ඔහු හා ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීයකු ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස ජීවිතක්ෂයට පත්වු ඇමැතිවරයාගේ දේහය කොළඹ සිට පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට අවසන් ගෞරව දැක්වීමට ආරච්කට්ටුවට රැගෙන ඒම සිදුවිය. රාජ්‍ය ඇමැතිවරයාගේ දේහය ආරච්චිකට්ටුව නිවස පිහිටි ස්ථානයට රැගෙන ඒමෙන් පසු එම ස්ථානයට ඔහුගේ බිරිය හා දියණියන් තිදෙනා සමඟ එකම පුතු ද එක්ව සිටියහ.

මහින්දානන්ද අලුත්ගමගේ,කෙහෙලිය රඹුක්වැල්ල,ඩි.බී.හේරත් ඇතුළු දේශපාලනඥයන් රැසක් පැමිණ සිටිනු දැක ගත හැකි විය.

අවසන් කටයුතු හා දේව මෙහෙය රාජකදළුව කතෝලික දේවස්ථානයේදී හෙට (28)සිදු කිරීමට නියමිතය.රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාට අවසන් ගෞරව දැක්වීමට ඥාතීන් හා ආධාරකරුවන් විශාල පිරිසක් එක්ව සිටිනු දැක ගත හැකි විය.

ඡායාරූප – සුදත් මලවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT