Monday, April 21, 2025
Home » ග්‍රාම නිලධාරී විභාගයේ ප්‍රතිඵල එයි

ග්‍රාම නිලධාරී විභාගයේ ප්‍රතිඵල එයි

by chanaka
January 27, 2024 5:48 pm 0 comment

පුරප්පාඩු පවතින ග්‍රාම නිලධාරි තනතුරු සඳහා සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම්ලත් 4,232කගේ නාමලේඛනය අද(27) නිකුත් කළ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සදහන් කරයි.

විභාග දෙපාර්තමේන්තුව ලබාදුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව ප්‍රතිඵල නිකුත් කර ඇත.

ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2002ක් සඳහා විභාග ප්‍රතිඵල අනුව බඳවා ගැනීම් සිදුකිරීමට නියමිතය.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ, ගැසට් නිවේදනයට අනුව කඩිනමින් සම්මුඛ පරීක්‍ෂණ පවත්වා ඔවුන් රාජ්‍ය සේවයට එක් කරගන්නා බවයි.

සුදුසුකම්ලැබූවන්ගේ නාමලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ www.moha.gov.lk නිල වෙබ් අඩවියේ පළකර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් 02 වැනිදා ග්‍රාම නිලධාරි විභාගය පැවැත්වීමට පියවර ගැණුනි.

අදාළ ප්‍රතිඵල ලේඛනය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT