Home » ගාලු මුවදොර මාර්ගය ලබන සතියේ තාවකාලිකව වැසේ

ගාලු මුවදොර මාර්ගය ලබන සතියේ තාවකාලිකව වැසේ

by chanaka
January 27, 2024 5:11 pm 0 comment

2024 පෙබරවාරි 04 ඉරිදා සමරනු ලබන නිදහස් දින සැමරුම නිමිත්තෙන් රථවාහන සැලසුම ශ්‍රී ලංකා පොලිසිය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ගාලු පාර කොල්ලුපිටිය හන්දියේ සිට ගාලු මුවදොර දක්වා සහ සෙරමික් හන්දියේ සිට ගාලු මුවදොර දක්වා වාහන ගමනාගමනය තාවකාලිකව නතර කරන බව සඳහන්වේ.

ජනවාරි 30 සිට පෙබරවාරි 02 දක්වා පෙරවරු 6.00 සිට 8.30 දක්වා සහ පෙරවරු 11.00 සිට දහවල් 12.30 දක්වා මෙම මාර්ග වසා දැමෙනු ඇත.

පෙබරවාරි 03 වැනිදා පස්වරු 2.00 සිට පෙබරවාරි 04 වැනිදා නිදහස් දින උත්සවය අවසන් වනතුරු මෙය ක්‍රියාත්මක බව එම සැලසුමේ දක්වා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT