Home » ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

by chanaka
January 26, 2024 3:23 pm 0 comment

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(26) ආරම්භ විය.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 27 ක් ලැබී තිබේ.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙසේ පෙත්සම් ගොනු කර තිබේ.

ඒවායේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.

යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බැවින් ඒවා සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයක් මෙන්ම ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා පෙත්සම් ගොනු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT