Home » ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Great HR Quiz 2023 තරඟයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කර ගනී

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Great HR Quiz 2023 තරඟයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කර ගනී

by chanaka
January 26, 2024 3:39 pm 0 comment

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි මානව සම්පත් අංශය පසුගියදා පැවති Great HR Quiz 2023 තරඟයෙන් රක්ෂණ, මූල්‍ය සහ ආයෝජන කාණ්ඩයේ ජයග‍්‍රාහකයින් බවට පත් විය.

මෙම තරගාවලිය සඳහා සමාගම් 65 ක් සහභාගී වූ අතර එයින් 4 වැනි ස්ථානය ලබා ගැනීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මානව සම්පත් අංශය සමත් විය.

මෙම Great HR Quiz 2023 තරගාවලිය චාර්ටඩ් ඉන්ස්ටියුට් ඔෆ් පර්සනල් මැනේජ්මන්ට් (CIPM) විසින් සංවිධානය කරන ලදී. එය ශ‍්‍රී ලංකාවේ මානව සම්පත් වෘත්තිකයන්ගේ දැනුම සහ කුසලතා ඉහළ නැංවීම සඳහා මානව සම්පත් කළමනාකරණ ක්ෂේත‍්‍රය වෙනුවෙන් කැප වූ එකම තරගාවලිය වන අතර මෙහිදී තරඟකරුවන්ගේ මානව සම්පත් හා සාමාන්‍ය දැනුම පිළිබඳ සියලූ අංශ ආවරණය කරනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT