Home » ලිට්‍රෝ රු. කෝටි 150ක් රජයට දෙයි

ලිට්‍රෝ රු. කෝටි 150ක් රජයට දෙයි

by chanaka
January 26, 2024 3:30 pm 0 comment

ලිට්‍රෝ ගෑස් සමාගම මේ වනවිට බිලියන 07ක පමණ ලාභයක් ලබන බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

2023 වර්ෂය ලිට්‍රෝ ගෑස් ඉතිහාසයේ වැඩිම ලාභ ලබපු වසරක් ලෙස හැඳින්විය හැකි බව අද (26) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මුදිත පීරිස් මහතා කියා සිටියේය.

එමෙන්ම 2023 වසරට අදාළව ලාභාංශය ලෙස රජයට ගෙවීමට ඇති මුදල්වලින් තවත් මිලියන 1500ක් අද දවස වනවිට මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට කටයුතු කරන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මූල්‍ය අර්බුදය දැඩිව තිබෙන මොහොතක යළිත් වතාවක් මෙලෙස රජයට ගෙවිය යුතු මුදල් ලබාදීමට හැකිවීම පිළිබඳ සතුටට ලක්වන බවද ඔහු පැවසීය.

2023 වසරේ ඔක්තෝබර් මාසයේදී බිලියන එකාහාමාරක් රජයට ලාභාංශය ලෙස ගෙවූ බවත් අද ලබාදෙන මිලියන 1500ක මුදල දෙවන ලාභාංශය වන බවත් සඳහන් කළේය.

තමා ලිට්‍රෝ සමාගමේ සභාපති ධූරය භාරගන්නා විට සමාගම බිලියන 14ක පමණ පාඩුවක් ලබපු බවයි මාධ්‍ය හමුවේදී පැවසු මුදිත පීරිස් මහතා ආයතනයේ සියළු දෙනා සාමුහිකව එකතු වී කටයුතු කිරීම හේතුවෙන් තිබු පාඩු පියවා ලාභ ලබන ආයතනයක් බවට පත්කරගැනීමට හැකි වු බවද මුදිත පීරිස් මහතා එහිදී පැවසීය.

ඉදිරි දින 10 ඇතුළත ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් දැනුම් දෙන බවත් මිල ප්‍රකාශයට පත්කිරීමට කල් වැඩි බවත් සභාපතිවරයා සඳහන් කළේය.

හිඟයකින් තොරව ඉදිරියේදීත් අඛණ්ඩව ගෑස් සැපයුම සිදුකරන බවද ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා වැඩිදුරටත් මෙහිදි කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT