Home » රාජ්‍ය ඔසුසල ශාඛාවන්හි සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට පියවර

රාජ්‍ය ඔසුසල ශාඛාවන්හි සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට පියවර

by yasara
January 26, 2024 3:07 pm 0 comment

spc

රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ (SPC) රාජ්‍ය ඔසුසල ශාඛාවන්හි ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගියදා රාජ්‍යය ඖෂධ නීතීගත සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ලිඩා (Sri Lanka Institute of Development Administration) ආයතනයේදී පැවැත්විණ.

මෙහිදී පසුගිය 2023 වසරෙහි රාජ්‍ය ඔසුසල් වල පැන නැගී ඇති ගැටලු පිළිබඳව සහ වඩා කාර්‍යක්ෂමව එම ගැටළු වලට පිලියම් යෙදීම සදහා අවශ්‍ය පියවරයන් පිළිබඳව සාකච්ඡාවට ලක් කර තිබෙයි

එමෙන්ම මහජනතාවට වඩාත් සහනදායී මිලට සියලුම ඖෂධ ලබාදීම සඳහා පවත්නා සේවා ප්‍රමිතීන් ඉහළ නැංවීම පිළිබඳවත් වැඩි අවධානයක් යොමු වූ අතර, ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සදහා මුළු දිවයිනම ආවරණය වන පරිදි ප්‍රධාන නගර ආශ්‍රිතව රාජ්‍ය ඔසුසල අලෙවිසැල් පිහිටුවීම කෙරෙහි කඩිනම් අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා උපදෙස් ලබාදී ඇති බවද මෙහිදී පෙන්වා දෙන ලදි.

රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාව ආරක්ෂිතව, කාර්යක්ෂමව සහ උසස් තත්ත්වයෙන් යුතු ඖෂධ නිෂ්පාදන සහ දිවයින පුරා ප්‍රධාන නගර 51 ක පිහිටුවා ඇති රාජ්‍ය ඔසුසල අලෙවිසැල් මගින් මහජනතාවට දැරිය හැකි මිලකට ඖෂධ ලබාදීමට කටයුතු කරනු ලබයි.

මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සදහා රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස්  සාමාන්‍යාධිකාරී කේ.එම්.ඩි.ආර් දසනායක සහ කළමණාකාර අධ්‍යක්ෂ එල්.එම් සුබසිංහආරච්චි ඇතුලු ප්‍රධාන කාර්යාලීය නිළධාරීන් සහ සියලුම ඔසුසල කළමණාකරුවන් සහභාගී වී සිටියහ.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT