Home » යුක්තිය මෙහෙයුමෙන් තවත් 838ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුමෙන් තවත් 838ක් අත්අඩංගුවට

by chanaka
January 25, 2024 1:15 pm 0 comment

ගෙවී ගිය පැය 24 ක් තුළ දිවයින පුරා සිදු කළ විශේෂ මෙහෙයුම් වලින් සැකකරුවන් 838 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 549 දෙනෙකු ඒ අතරවේ.

අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 289 කු ද මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 549 දෙනා අතරින් සැකකරුවන් 05 කු සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් දස දෙනෙකු පුනරුත්තාපනය සඳහා යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශයේ ලයිස්තුවේ සිටි සැකකරුවන් 14 දෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිසට ඇතුළත්ය.

එසේම අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 289 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 35 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 246 දෙනෙකු ද සිටින බව පොලීසිය පවසයි.

මේ අතර මෙමෙ මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 211 ක්,අයිස් ග්‍රෑම් 78 ක් , ගංජා කිලෝග්‍රැම් 16යි ග්‍රෑම් 600ක් ,මාවා ග්‍රෑම් 493 ක්,මදනමෝදක ග්‍රෑම් 36 ක් සහ මත්පෙති 1192 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT