Sunday, April 20, 2025
Home » රාගම රෝහල අවට ආරක්ෂාව තර කරයි

රාගම රෝහල අවට ආරක්ෂාව තර කරයි

by chanaka
January 25, 2024 12:58 pm 0 comment

රාගම රෝහල අවට පොලිස් ආරක්ෂාව තර කර ඇති බව රාගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පැවසීය .

ඒ රිය අනතුරකින් මිය ගිය සනත් නිශාන්ත මහතාගේ දේහය රාගම රෝහලේ පවතින බැවින් සහ මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් එම රෝහලට පැමිණෙන නිසා වෙනි.

අද අලුයම දී කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරෙන් පසු ජීවිතක්ෂයට පත් රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ ඔහුගේ රියදුරු ඇතුලත් කෙරුණේ රාගම රෝහල වෙතය.

පශ්චාස් මරණ පරීක්ෂණයෙන් පසු අමාත්‍යවරයාගේ දේහය මීට ටික වේලාවකට රාගම රෝලෙන් කොළඹ පිහිටි මල්ශාලාවක් වෙත රැගෙන යන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT