Home » රජය සමඟ සාකච්ඡාකර උතුරු-නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න

රජය සමඟ සාකච්ඡාකර උතුරු-නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න

by sachintha
January 24, 2024 1:09 am 0 comment

දෙමළ පක්ෂ නායකයන් පිරිසක් නව ඉන්දීය මහ කොමසාරිස්ගෙන් ඉල්ලති

 

උතුරු නැඟෙනහිර අර්බුදයට විසඳුමක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කොට සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙස දෙමළ දේශපාලන පක්ෂ නායකයින් පිරිසක් නව ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතාගෙන් පෙරේදා (22) ඉල්ලීමක් කොට තිබේ.

කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ගිය දෙමළ දේශපාලන පක්ෂ නායකයෝ පැය දෙකක පමණ කාලයක් නව ඉන්දීය මහකොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කොට ඇති අතර, එහිදී මෙම ඉල්ලීම කර ඇත.

වර්තමානයට ගැළපෙන ආකාරයට සුදුසු විසඳුමක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රජය සමඟ ඉන්දීය රජය නිල වශයෙන් සාකච්ඡා කළ යුතුව ඇති බවද දෙමළ දේශපාලන පක්ෂ නායකයින්ගේ මතය වී තිබේ.

දෙමළ ජනයාගේ ඉඩම් සම්බන්ධයෙන් ද පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම කෙරෙහි ද බලය බෙදාගැනීම සම්බන්ධයෙන් ද ඉන්දීය රජයේ අවධානය යොමු කොට ඒවා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජයට යම් බලපෑමක් කිරීමට ඉන්දීයාව උත්සහ කල යුතු බවද මෙම හමුවට සම්බන්ධ වූ දෙමළ දේශපාලන පක්ෂවල නායකයින් ඉන්දීය මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT