Tuesday, April 8, 2025
Home » කොවිඩ් වයිරසයට වඩා විසි ගුණයක් මාරාන්තික වසංගතයක්

කොවිඩ් වයිරසයට වඩා විසි ගුණයක් මාරාන්තික වසංගතයක්

by sachintha
January 24, 2024 1:06 am 0 comment

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

 

 

නුදුරු අනාගතයේදී ලෝක ප්‍රජාවට කොවිඩ් වයිසරයට වඩා විසි ගුණයක් මාරාන්තික විය හැකි වසංගතයකට මුහුණ පෑමට සිදු වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. ‘Disease X‘ ලෙස එම වසංගතය හඳුන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගෙබ්‍රියෙසස් ඊට මුහුණ දීම සඳහා සියලු රටවල් එක්ව වසංගත ගිවිසුමකට අත්සන් තැබිය යුතු බව ද අවධාරණය කර ඇත. පසුගියදා ස්විට්සර්ලන්තයේ ඩවෝස් නුවර පැවැති ලෝක ආර්ථික සමුළුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ අනතුරු ඇඟවීම සිදු කර තිබේ. ලබන මැයි මාසය වන විට සියලු රටවල් එක්ව මේ පොදු සතුරා පරාජය කිරීමේ ගිවිසුමට අත්සන් තබනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කර ඇත.

‘Disease X‘ ලෙස එම වසංගතය හඳුන්වා ඇත්තේ මෙතෙක් එය හඳුනා ගත් වසංගතයක් නොවීම හේතුවෙන් බවත්, එම වසංගතය බොහෝ විට කොවිඩ් වසංගතයට සමාන හෝ ඊට වඩා මාරාන්තික වසංගතයක් වීමේ අවදානමක් පවතින බවත් වාර්තා වේ. එමෙන්ම එය වයිරසයක්, බැක්ටීරියා විශේෂයක් හෝ දිලීර විශේෂයක් ද විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කර ඇතැයි ද වාර්තා වේ. ඉදිරියේදී මුහුණ පෑමට සිදු වන එම වසංගතය කොවිඩ් 19, එබෝලා, ලස්සා උණ, නීපා, සීකා වැනි දහස් සංඛ්‍යාත මරණ සංඛ්‍යාවකට හේතු වූ වසංගත ලැයිස්තුවට ද ඇතුළත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT