Home » පාරි­භෝ­ගික නීති කැඩූ වෙළෙ­න්දන් 5කට දඩ

පාරි­භෝ­ගික නීති කැඩූ වෙළෙ­න්දන් 5කට දඩ

by Gayan Abeykoon
January 22, 2024 1:00 am 0 comment

වේය­න්ගොඩ විශේෂ

පාරි­භෝ­ගික නීති උල්ලං­ඝ­නය කර­මින් අලෙවි කිරීම සඳහා භාණ්ඩ ප්‍රද­ර්ශ­නය කළ බවට වරද පිළි­ගත් විත්ති­කාර ව්‍යාපා­රි­ක­යන් පස් දෙනෙ­කුට අත්ත­න­ගල්ල අංක 02 මහේ­ස්ත්‍රාත් මංජුල කරු­ණා­රත්න මහතා ඉකුත් 19 වනදා පස්ව­රුවේ එක් අයේ­කුට රුපි­යල් දස දහස බැගින් පස් දෙනාට රුපි­යල් පනස් දහ­සක දඩ නියම කළේය.

චමින්ද සරත් කුමාර, තුසිත නන්ද ලාල් ජය­සිංහ, මොහො­මඩ් යාෂින්, මොහො­මඩ් අන්වර් හා මොහො­මඩ් ඉක්බාල් යන පස් දෙනෙ­කුට එසේ දඩ නියම කෙරිණි.

කොළඹ පාරි­භෝ­ගික අධි­කා­රි­යේහි විම­ර්ශන නිල­ධා­රි­නි­යන් වන කේ ඩී අයි ප්‍රිය­ද­ර්ශනී හා පී රණ­වීර යන මහ­ත්මීන් පැමි­ණිල්ල මෙහෙය වූහ.

කොළඹ පාරි­භෝ­ගික අධි­කා­රි­යේහි විම­ර්ශන අංශය වැට­ලීම් සිදු කොට නඩු පවරා තිබුණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT