Sunday, April 20, 2025
Home » කොස්තා­පල්ගේ යතු­රු­පැ­දිය දැරි­ය­කගේ ඇඟේ හැපී දෙදෙ­නාම රෝහලේ

කොස්තා­පල්ගේ යතු­රු­පැ­දිය දැරි­ය­කගේ ඇඟේ හැපී දෙදෙ­නාම රෝහලේ

by Gayan Abeykoon
January 22, 2024 1:00 am 0 comment

අනු­රා­ධ­පුර සංචා­රක - සශිනි මධු­ෂානි

පොලිස් කොස්තා­ප­ල්ව­ර­යෙකු ගමන් කළ යතු­රු­පැ­දි­යක් පාල­නය කර ගත  නොහැ­කිව මාර්ග­යෙන් ඉව­තට පැන, 15 හැවි­රිදි දැරි­ය­කගේ ඇඟේ ගැටී සිදු වූ  අන­තු­ර­කින් එම කොස්තා­ප­ල්ව­රයා සහ මාර්ගය අසල රැඳී සිටි දැරිය තුවාල ලබා  ගල්නෑව රොහ­ලට ඇතු­ළත් කළ බව ගල්නෑව පොලි­සිය පව­සයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ගල්කි­රි­යා­ගම පොලි­සි­යට අනු­යු­ක්තව  රාජ­කා­රිය කළ, එප්පා­වල කටි­යාව ප්‍රදේ­ශයේ පදිංචි කොස්තා­ප­ල්ව­ර­යෙකු සහ ගල්නෑව  ජය මාවතේ පදිං­චිව සිටි 15 හැවි­රිදි දැරි­යකි.   මෙම කොස්තා­ප­ල්ව­රයා රාත්‍රී රාජ­කා­රි­යට වාර්තා කිරීම සඳහා  ගල්කි­රි­යා­ගම පොලි­සි­යට ගමන් කර­මින් සිටි­යදී, ඉකුත් 19දා පස්ව­රු­වේදී ගල්නෑව  නග­රය පසු කර මීටර් 500ක් පමණ ගමන් කිරී­මේදී යතු­රු­පැ­දිය පාල­නය කර ගත  නොහැ­කිව මාර්ග­යෙන් ඉව­තට පැන ඇති බව පොලි­සිය කියයි.

එම අව­ස්ථාවේ යතුරු පැදිය මාර්ගයේ වම් පස වැලි තීරුව අයිනේ නැවතී සිටි දැරි­යගේ ගැටී මෙම අන­තුර සිදුව තිබේ.

මෙම අන­තුර සම්බ­න්ධ­යෙන් ගල්නෑව පොලි­සියේ නිල­ධා­රීහු පිරි­සක් වැඩි­දුර විම­ර්ශන සිදු කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT