මත්පැන් පානය කර රියැදුරු බලපත්රයක් නොමැතිව වාහනයක් පදවා ගෙන ගිය බවට වරද පිළිගත් විත්තිකරුවෙකුට අත්තනගල්ල අංක 02 මහේස්ත්රාත් මංජුල කරුණාරත්න මහතා ඉකුත් 19 වනදා පස්වරුවේ රුපියල් පනස් දහසක දඩ නියම කර වසරක් ගත වන තුරු රියැදුරු බලපත්රයක් ලබා ගැනීමට නොහැකි බවට ආඥාවක් ද නිකුත් කළේය.
එම ආඥාව පිළිබඳව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් වරයා වෙත දන්වා යැවීමට ද අධිකරණයේ රෙජිස්ට්රාර්වරියට නියෝග කැරිණි.
එච් ඒ සුසන්ත නැමැත්තෙකුට එසේ දඩ නියම කැරිණි.
දඩ මුදල් නොගෙවන්නේ නම් විත්තිකරුට ලිහිල් වැඩ සහිත මාස හතරක සිර දඬුවමක් ක්රියාත්මක කිරීමට ද නියෝග කැරිණි.
අත්තනගල්ල පොලීසියේ රථ වාහන අංශය වැටලීම සිදු කොට නඩු පවරා තිබුණි.