Monday, April 21, 2025
Home » සූර්පිට රිය පැද්දාට දඩ අවු­රු­ද්දක් යන­තුරු ලයි­සන් නෑ

සූර්පිට රිය පැද්දාට දඩ අවු­රු­ද්දක් යන­තුරු ලයි­සන් නෑ

by Gayan Abeykoon
January 22, 2024 1:00 am 0 comment

වේය­න්ගොඩ විශේෂ

මත්පැන් පානය කර රියැ­දුරු බල­ප­ත්‍ර­යක් නොමැ­තිව වාහ­න­යක් පදවා ගෙන ගිය බවට වරද පිළි­ගත් විත්ති­ක­රු­වෙ­කුට අත්ත­න­ගල්ල අංක 02 මහේ­ස්ත්‍රාත් මංජුල කරු­ණා­රත්න මහතා ඉකුත් 19 වනදා පස්ව­රුවේ රුපි­යල් පනස් දහ­සක දඩ නියම කර වස­රක් ගත වන තුරු රියැ­දුරු බල­ප­ත්‍ර­යක් ලබා ගැනී­මට නොහැකි බවට ආඥා­වක් ද නිකුත් කළේය.

එම ආඥාව පිළි­බ­ඳව මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් වරයා වෙත දන්වා යැවී­මට ද අධි­ක­ර­ණයේ රෙජි­ස්ට්‍රා­ර්ව­රි­යට නියෝග කැරිණි.

එච් ඒ සුසන්ත නැමැ­ත්තෙ­කුට එසේ දඩ නියම කැරිණි.

දඩ මුදල් නොගෙ­වන්නේ නම් විත්ති­ක­රුට ලිහිල්  වැඩ සහිත මාස හත­රක සිර දඬු­ව­මක් ක්‍රියා­ත්මක කිරී­මට ද නියෝග කැරිණි.

අත්ත­න­ගල්ල පොලී­සියේ රථ වාහන අංශය වැට­ලීම සිදු කොට නඩු පවරා තිබුණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT