Home » හොරාට බීඩී නිපද වූ බීඩී කම්හ­ලක හිටපු සේව­ක­යාට මිලි­යන 2ක පුද්ගල ඇප

හොරාට බීඩී නිපද වූ බීඩී කම්හ­ලක හිටපු සේව­ක­යාට මිලි­යන 2ක පුද්ගල ඇප

by Gayan Abeykoon
January 22, 2024 1:00 am 0 comment

කටාන බර්ටි වීර­සිංහ

ප්‍රසිද්ධ වෙළඳ නාම­යක නමින් ව්‍යාජ ලෙස සකස් කළ බීඩී නිප­දවා සංවි­ධා­නා­ත්ම­කව විකුණූ බව කියන නඩු හත­ර­කට අදා­ළව අධි­ක­ර­ණය හමු­වට පැමිණ වූ සැක­ක­රු­වෙ­කුට තරයේ අව­වාද කළ මීග­මුව අති­රේක මහේ­ස්ත්‍රාත් දර්ශිමා ප්‍රේම­රත්න මහ­ත්මිය සැක­කරු  මිලි­යන දෙකක පුද්ගල ඇප මත මුදා­හ­රින ලෙස 19වන දින නියම කළේය.

ඇප නිය­මවූ සැක­කරු වුයේ කටානේ අක්ක­ර­ප­නහ ප්‍රදේ­ශයේ ඔදි­ලියා නිවාස යෝජ­නා­ක්‍ර­මයේ පදිං­චි­ක­රු­වෙකු බව කියන ජානක සම්පත් බණ්ඩාර නමැ­ත්තෙකි. දුන්ගාල් පිටිය පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති ජය­රත්න සිල්වා මහතා ඉදි­රි­පත් කළ පැමි­ණි­ල්ලට අනුව සැක­කරු තෝරා බීඩී කර්මාන්ත ශාලාවේ වසර හත­රක් පමණ සේවය කර ඇත.

සේව­යෙන් ඉවත්වූ පසු සැක­කරු වෙනත් නම­කින් එවැ­නිම ව්‍යාපා­ර­යක් ආරම්භ කර එහි නිප­ද­වන බීඩී­ව­ලට ජන­ප්‍රිය බීඩී වර්ග­යක් බව කියන  තෝරා බීඩී ලේබල් ව්‍යාජ ලෙස මුද්‍ර­ණය කර බෙදා­හැර තිබේ. දුන්ගාල් පිටිය පොලි­සිය විසින් විම­ර්ශන සිදු­කර ව්‍යාජ බීඩී 20000ක් සමඟ කඩ හත­රක හිමි­ක­රු­වන් හතර දෙනකු අත්අ­ඩං­ගු­වට ගෙන් තිබිණි.

උප­පො­ලිස් පරී­ක්ෂක ජය­රත්න සිල්වා මහතා සමඟ පොලිස් කොස්තා­පල් ලක්මාල් ( 22615)  මහතා පැමි­ණිල්ල මෙහෙ­ය­විය. විත්තිය වෙනු­වෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රිමාල් අම­ර­සිංහ මහතා සමඟ සරා නිශාධි මහ­ත්මිය සැක­කරු වෙනු­වෙන් පෙනි­සි­ටි­යාය.

වැඩි­දුර විභාග 2024 11.26 දිනට කැඳ­වී­මට දින නියම විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT