223
මදුරුවන් බෝ වන අයුරින් පදිංචි ස්ථානය හා අවට පරිසරය ඉතාමත්ම අපිරිසිදු තත්ත්වයෙන් පවත්වා ගෙන ගිය බවට වරද පිළිගත් විත්තිකාරියකට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඉකුත් 19 වනදා පස්වරුවේ රුපියල් පන් දහසක දඩ නියම කළේය.
තිහාරිය මල්වත්ත ප්‍රදේශයේ පදිංචි පද්මා ශාන්ති විජේතිලක නැමැත්තියකට එසේ දඩ නියම කැරිණි.
තිහාරිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ටෙරන්ස් මාධව හා රන්පොකුණගම මහජන සෞඛ්‍ය පරීක්ෂක අනූෂ දයාරත්න යන මහත්වරුන් ප්‍රමූඛ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් පිරිසක් වැටලීම සිදු කොට නඩු පවරා තිබුණි.