Home » ලයි­සන් නැතුව බයික් පැද අන­තු­රක් කළ ළාබාල පුතාත් පුතාට බයික් එක දුන් පියාත් රිමාන්ඩ්

ලයි­සන් නැතුව බයික් පැද අන­තු­රක් කළ ළාබාල පුතාත් පුතාට බයික් එක දුන් පියාත් රිමාන්ඩ්

by Gayan Abeykoon
January 22, 2024 1:00 am 0 comment

බණ්ඩා­ර­ගම බිමල් ජය­සිංහ

16 හැවි­රිදි තරු­ණ­යකු පැදවූ යතු­රු­පැ­දි­යක ගැටී 85 හැවි­රිදි වයෝ­වෘද්ධ කාන්තා­වක මිය යාමෙන් අන­තු­රුව සැක­කාර තරු­ණ­යාට යතු­රු­පැ­දිය ලබා දුන් පියා ද අත්අ­ඩං­ගු­වට ගත් බව මිරි­හාන මූල­ස්ථාන පොලි­සිය සඳ­හන් කරයි.

අන­තු­රින් මිය­ගොස් ඇත්තේ නුගේ­ගොඩ ගංගො­ඩ­විල ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි ජී. විම­ලා­වතී නැමැති 85 හැවි­රිදි කාන්තා­වකි.

සැක­කාර තරු­ණ­යාගේ මව්පි­යන් ඉදි ආප්ප තම්බා වෙළ­ඳ­ස­ල්ව­ලට දැමීමේ ව්‍යාපා­ර­යක් සිදු කරන අතර  යතු­රු­පැ­දිය හිමි පියා  පෙරේදා (20) අස­නී­පව සිටි බැවින් සැක­කාර පියා සිය පුතු වන සැක­කාර තරු­ණ­යාට යතුරු පැදිය ලබාදී ඉදි ආප්ප  වෙළෙ­ඳ­ස­ල්ව­ලට දැමීම සඳහා යන ලෙස පවසා තිබූ බව පොලි­සිය කියයි.

තරු­ණයා ඉඳි ආප්ප  රැගෙන  දෙල්කඳ පරණ කැස්බෑව පාරේ නුගේ­ගොඩ දෙසට යමින් සිටි­යදී ජය­ව­ර්ධ­න­පුර කෝට්ටේ නගර සභා­වට අයත් සේවා පියස ඉදි­රි­පිට මල් කඩ­මින් සිට  නිවස වෙත පැමි­ණීම සඳහා  පාර   මාරු වෙමින් සිටි වයෝ­වෘද්ධ කාන්තා­වගේ ගැටී ඇතැයි පොලි­සිය සඳ­හන් කරයි.

බර­ප­තළ තුවාල ලද වයෝ­වෘද්ධ කාන්තාව කළු­බෝ­විල ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී මිය ගොස් ඇත.

රියැ­දුරු බල­ප­ත්‍ර­යක් නොමැ­තිව යතු­රු­පැ­දි­යක් ධාව­නය කර අන­තු­රක් සිදු කර පුද්ගල මර­ණ­යක් සිදු­කි­රීම සම්බ­න්ධ­යෙන් 16 හැවි­රිදි තරු­ණ­යාත් රියැ­දුරු බල­ප­ත්‍ර­යක් නොමැති පුද්ග­ල­යෙ­කුට යතු­රු­පැ­දි­යක් ලබා­දීම සම්බ­න්ධ­යෙන් ඔහුගේ පියාත් අත්අ­ඩං­ගු­වට ගත් පොලි­සිය ඔවුන් දෙදෙනා නුගේ­ගොඩ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබිණි.

මිරි­හාන  මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මංජුල තුෂාර මහ­තාගේ උප­දෙස් මත රථ­වා­හන අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක චමින්ද ගජ­නා­යක මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් පරී­ක්ෂණ පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT