Monday, April 21, 2025
Home » හෝ‍ටල් හිමි­ක­රු­ගෙන් අල්ලස් ගත් කම්කරු නිල­ධා­රියා රිමාන්ඩ්

හෝ‍ටල් හිමි­ක­රු­ගෙන් අල්ලස් ගත් කම්කරු නිල­ධා­රියා රිමාන්ඩ්

මීට පෙරත් වැඩ තහනම් වී නැවත සේවයට කැඳවූ අයෙක්

by Gayan Abeykoon
January 22, 2024 1:00 am 0 comment

දිගා­ම­ඩුල්ල විශේෂ වසන්ත චන්ද්ර­පාල

කර්මාන්ත දෙපා­ර්ත­මේ­න්තුවේ සේව­යක් ලබා දීම සඳහා පුද්ග­ල­ය­කු­ගෙන් රුපි­යල් ලක්ෂ­යක අල්ල­සක් ගත් අම්පාර කම්කරු කාර්යා­ලයේ නිල­ධා­රි­යෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සන් සභාවේ නිල­ධා­රීන් විසින් ඉකුත්දා (19) අත්අ­ඩං­ගු­වට ගනු ලැබිය. පුද්ග­ල­යකු විසින් කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව කොළඹ සිට වෙස්ව­ලා­ගෙන පැමිණි අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ නිල­ධා­රීන් විසින් සැක­කරු අත්අ­ඩං­ගු­වට ගනු ලැබුවේ මර­ද­මුනේ අව­න්හ­ලක දී ය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් වින්දි­තයා අදාළ පාර්ශ්ව වෙත කළ පැමි­ණි­ල්ල­කට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ මෙහෙ­ය­වී­මෙන් මෙම අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු කර ඇති  අතර, වැඩි­දුර විම­ර්ශ­න­ව­ලදී හෙළි වූයේ අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු අප­රා­ධ­යක් සම්බ­න්ධ­යෙන් දැන­ට­මත් රජයේ සේව­යෙන් වැඩ තහ­නම් කර පසුව නැවත සේවයේ පිහිට වූ  පුද්ග­ල­යෙක් බවයි. මෙසේ අත්අ­ඩං­ගු­වට පත් වූයේ අම්පාර කම්කරු කාර්යා­ලයේ සේවය කරන ඊ. එල්. අබ්දුල් නෂාර් නමැති කම්කරු නිල­ධා­රි­යෙකි.  අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු කල්මුනේ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසුව පෙබ­ර­වාරි මස දෙවෙනි දින දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කල්මුණේ  අධි­ක­රණ විනි­සුරු එම්. එස්. එම්ස­ග­ම්සු­දීන් මහතා නියෝග කරනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT