පසුගිය 2023 වසරේ ගාල්ල කොට්ඨාස රථ වාහන පොලිසිය විසින් රුපියල් හැත්තෑ දෙකෝටි හතලිස් තුන් ලක්ෂ අනූ හතර දහස් හැටක (724394060) වාර්තාගත දඩ ආදායමක් ලබාගෙන තිබේ.
මෙම දඩ මුදල්වලින් රුපියල් 131792460ක් දඩ පත්‍රිකා මඟින් ලබා ගෙන ඇති අතර අධිකරණයේ පවරන ලද නඩුවලින් අයකර ගෙන ඇති දඩ මුදල රුපියල් 592601600 කි.
ගාල්ල කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. එච්. එස්. සුජීව මහතා පැවසුවේ ගාල්ල කොට්ඨාසයේ පොලිස් වසම් 17 තුළ පසුගිය වසරේ පෙර වසරට වඩා මාරක රිය අනතුරු සංඛ්‍යාව ද අඩු වී ඇති බවය. 2022 වසරේ සිදුවූ මාරක රිය අනතුරු 76කින් පුද්ගලයින් 81 දෙනෙක් මියගොස් ඇති අතර පසුගිය වසරේ සිදුවී ඇති මාරක රිය අනතුරු සංඛ්‍යාව 51ක් බව ද එම අනතුරුවලින් 53 දෙනෙක් මියගොස් ඇති බව ද ඒ මහතා පැවසීය.
මාර්ග බාධක යොදා වාහන පරීක්ෂාව, රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් නිතරම මහා මාර්ගවල රාජකාරි කරමින් වාහන පරීක්ෂා කිරීම, රියැදුරන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම ආදිය නිසා අනතුරු අඩු කර ගැනීමට හැකිවී ඇතැයි ද සුජීව මහතා වැඩි දුරටත් සඳහන් කළේය.