Home » ගාල්ල පොලි­සියේ පසුගිය වසරේ දඩ ආදා­යම කෝටි 72 පනී

ගාල්ල පොලි­සියේ පසුගිය වසරේ දඩ ආදා­යම කෝටි 72 පනී

by Gayan Abeykoon
January 22, 2024 1:00 am 0 comment

දකුණු පළාත් සංචා­රක එස්. දීය­ග­හගේ

පසු­ගිය 2023 වසරේ ගාල්ල කොට්ඨාස රථ වාහන පොලි­සිය විසින් රුපි­යල් හැත්තෑ දෙකෝටි හත­ලිස් තුන් ලක්ෂ අනූ හතර දහස් හැටක (724394060) වාර්තා­ගත දඩ ආදා­ය­මක් ලබා­ගෙන තිබේ.

මෙම දඩ මුද­ල්ව­ලින් රුපි­යල් 131792460ක් දඩ පත්‍රිකා මඟින් ලබා ගෙන ඇති අතර අධි­ක­ර­ණයේ පව­රන ලද නඩු­ව­ලින් අය­කර ගෙන ඇති දඩ මුදල රුපි­යල් 592601600 කි.

ගාල්ල කොට්ඨාස රථ­වා­හන අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ටී. එච්. එස්. සුජීව මහතා පැව­සුවේ ගාල්ල කොට්ඨා­සයේ පොලිස් වසම් 17 තුළ පසු­ගිය වසරේ පෙර වස­රට වඩා මාරක රිය අන­තුරු සංඛ්‍යාව ද අඩු වී ඇති බවය. 2022 වසරේ සිදුවූ මාරක රිය අන­තුරු 76කින් පුද්ග­ල­යින් 81 දෙනෙක් මිය­ගොස් ඇති අතර පසු­ගිය වසරේ සිදුවී ඇති මාරක රිය අන­තුරු සංඛ්‍යාව 51ක් බව ද එම අන­තු­රු­ව­ලින් 53 දෙනෙක් මිය­ගොස් ඇති බව ද ඒ මහතා පැව­සීය.

මාර්ග බාධක යොදා වාහන පරී­ක්ෂාව, රථ වාහන අංශයේ පොලිස් නිල­ධා­රීන් නිත­රම මහා මාර්ග­වල රාජ­කාරි කර­මින් වාහන පරීක්ෂා කිරීම, රියැ­දු­රන් දැනු­වත් කිරීමේ වැඩ­ස­ට­හන් පැවැ­ත්වීම ආදිය නිසා අන­තුරු අඩු කර ගැනී­මට හැකිවී ඇතැයි ද සුජීව මහතා වැඩි දුර­ටත් සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT