ගෙදරම කන්න පුළුවන් දෙයක් වගා කරන මට්ටමට අපි ආධාර උපකාර කරන බව පවසමින් කෘෂිකර්ම හා වැවිලි සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙරේදා (20) රට පුරා ගෙවතු ලක්ෂයක් පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් මහවදී පැවසීය.
මෙහිදී ප්‍රතිසංස්කරණය කෙරුණු මහව නගරයේ පිහිටි මූණමලේගම වැවේ දියවර නිකුත් කරමින් ජනතා අයිතියට පත් කිරීම ද සිදු විය.
මෙහිදී කාන්තා ගෙවිලියන් සඳහා බීජ පැකට් ලබාදීම, ගොවීන් සඳහා පොල් පැළ හා ගම්මිරිස් පැළ මෙන්ම ගෙවතු වගා පැළ ලබා දීමද සිදු විය.
මෙම අවස්ථාවට පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්, පාර්ලිමේන්තු මන්ත්රීනනි මංජුලා දිසානායක, හිටපු ගොවිජන සංවර්ධන කොමසාරිස් ඒ. එම්. එල්. අබේරත්න, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීහූ එක්ව සිටියහ.