Home » රට පුරා ගෙවතු ලක්ෂ­යක් පිහි­ටු­වීම මහ­වදී ඇරඹේ

රට පුරා ගෙවතු ලක්ෂ­යක් පිහි­ටු­වීම මහ­වදී ඇරඹේ

by Gayan Abeykoon
January 22, 2024 1:00 am 0 comment

මහව - සංජී­වනී ආරි­ය­රත්න

ගෙද­රම කන්න පුළු­වන් දෙයක් වගා කරන මට්ට­මට අපි ආධාර උප­කාර කරන බව පව­ස­මින් කෘෂි­කර්ම හා වැවිලි සංව­ර්ධන අමාත්‍ය මහින්ද අම­ර­වීර මහතා පෙරේදා (20) රට පුරා ගෙවතු ලක්ෂ­යක් පිහි­ටු­වීමේ සමා­ර­ම්භක අව­ස්ථා­වට එක්වෙ­මින් මහ­වදී පැව­සීය.

මෙහිදී ප්‍රති­සං­ස්ක­ර­ණය කෙරුණු මහව නග­රයේ පිහිටි මූණ­ම­ලේ­ගම වැවේ දිය­වර නිකුත් කර­මින් ජනතා අයි­ති­යට පත් කිරීම ද සිදු විය.

මෙහිදී කාන්තා ගෙවි­ලි­යන් සඳහා බීජ පැකට් ලබා­දීම, ගොවීන් සඳහා පොල් පැළ හා ගම්මි­රිස් පැළ මෙන්ම ගෙවතු වගා පැළ ලබා දීමද සිදු විය.

මෙම අව­ස්ථා­වට පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්, පාර්ලි­මේන්තු මන්ත්‍රී­නනි මංජුලා දිසා­නා­යක, හිටපු ගොවි­ජන සංව­ර්ධන කොම­සා­රිස් ඒ. එම්. එල්. අබේ­රත්න, කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශයේ ලේකම් චන්දන දිසා­නා­යක මහතා ඇතුළු රාජ්‍ය නිල­ධා­රීන්, ප්‍රදේ­ශ­වා­සීහූ එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT