මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ මළ සිරුර ඉන්දීය ධීවරයෙකුගේ නොවන බවත් එය බංග්ලාදේශයේ ධීවරයෙකුගේ මළ සිරුරක් බවත් පෙරේදා (20) අනාවරණය වී තිබේ.
ගොඩ ගසා තිබූ මළ සිරුරේ පපු ප්‍රදේශයේ තෙළිඟු අක්ෂරවලට සමාන අක්ෂර තිබීම නිසා මුලතිව් පොලිසිය හා ධීවර පරීක්ෂක නිලධාරීන් අනුමාන කළේ එම මළ සිරුර ඉන්දීය ධීවරයෙකුට අයත් බවයි. එහෙත් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට මෙම මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසුව එම කාර්යාලය විසින් හෙළි කරන ලද තොරතුරුවලින් පසුව එම මළ සිරුර බංග්ලාදේශයේ ධීවරයෙකුගේ මළ සිරුරක් බවට බංග්ලාදේශයේ තානාපති කාර්යාලය තහවුරු කොට තිබේ.
මළ සිරුර සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ සිදු කළ මුලතිව් විනිසුරුවරයා අදාළ කාර්යාලයක නිලධාරියෙකු පැමිණි පසුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කොට එම ධීවරයාගේ මළ සිරුර නීත්‍යනුකූලව භාර දීමට පියවර ගන්නා ලෙස පොලිසියට නියෝග කොට තිබේ. මුලතිව් පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.