Home » මුල­තිව් වෙර­ළට ගොඩ ගැසූ මළ සිරුර බංග්ලා­දේශ ධීව­ර­ය­කුගේ

මුල­තිව් වෙර­ළට ගොඩ ගැසූ මළ සිරුර බංග්ලා­දේශ ධීව­ර­ය­කුගේ

by Gayan Abeykoon
January 22, 2024 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

මුල­තිව් මුල්ලි­ව­යි­ක්කාල් මුහුදු වෙර­ළට ගොඩ ගසා තිබූ මළ සිරුර ඉන්දීය ධීව­ර­යෙ­කුගේ නොවන බවත් එය බංග්ලා­දේ­ශයේ ධීව­ර­යෙ­කුගේ මළ සිරු­රක් බවත් පෙරේදා (20) අනා­ව­ර­ණය වී තිබේ.

ගොඩ ගසා තිබූ මළ සිරුරේ පපු ප්‍රදේ­ශයේ තෙළිඟු අක්ෂ­ර­ව­ලට සමාන අක්ෂර තිබීම නිසා මුල­තිව් පොලි­සිය හා ධීවර පරී­ක්ෂක නිල­ධා­රීන් අනු­මාන කළේ එම මළ සිරුර ඉන්දීය ධීව­ර­යෙ­කුට අයත් බවයි. එහෙත් යාප­නයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොම­සා­රිස් කාර්යා­ල­යට මෙම මළ සිරුර සම්බ­න්ධ­යෙන් තොර­තුරු ඉදි­රි­පත් කිරී­මෙන් පසුව එම කාර්යා­ලය විසින් හෙළි කරන ලද තොර­තු­රු­ව­ලින් පසුව එම මළ සිරුර බංග්ලා­දේ­ශයේ ධීව­ර­යෙ­කුගේ මළ සිරු­රක් බවට බංග්ලා­දේ­ශයේ තානා­පති කාර්යා­ලය තහ­වුරු කොට තිබේ.

මළ සිරුර සම්බ­න්ධ­යෙන් ස්ථානීය පරී­ක්ෂණ සිදු කළ මුල­තිව් විනි­සු­රු­ව­රයා අදාළ කාර්යා­ල­යක නිල­ධා­රි­යෙකු පැමිණි පසුව පශ්චාත් මරණ පරී­ක්ෂණ කට­යුතු සිදු කොට එම ධීව­ර­යාගේ මළ සිරුර නීත්‍ය­නු­කූ­ලව භාර දීමට පිය­වර ගන්නා ලෙස පොලි­සි­යට නියෝග කොට තිබේ. මුල­තිව් පොලි­සිය මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පව­ත්වා­ගෙන යයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT